දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ තමනට යළිත් එම මන්ත‍්‍රීධූරය ලබාදෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස පත් කිරීම බලරහිත කරන ලෙසත් ඉල්ලා හිටපු ඇමැති හා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් දොස්තර තිස්ස විතාරණ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ඉවත දැමීය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,බුවනෙක අළුවිහාරේ සහ කේ.ටී.චිත‍්‍රසිරි යන මහත්වරුන් පෙත්සම සළකා බැලුහ.