බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමේ ගිවිසුමට අද අත්සන් තැබීය.
ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරන කාරියවසම් මහතා එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ වමේ කේන්ද්‍රය නියෝජනය කරමිනි.
ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද ඔහු කටයුතු කරයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන්න ලංකා සම සමාජ පක්ෂයේ මතය වන බැවින් ඒ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සිරිසේන මහතාට සහාය දීමට තමන් තීරණය කළ බව කාරියවසම් මහතා කීවේය.

