අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය හෝටලයකට රැගෙන ගොස් කෙළෙසී යැයි ව්‍යාපාරිකයකු ද ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන හෝටල හිමියකු ද අද තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. ටියුෂන් පන්තියට ගොස් එමින් සිටි දැරිය වෑන් රියකින් රැගෙන ගොස් කෙළෙසා රුපියල් 1200ක් අතට දී ගෙදර යන ලෙස බසයකට නංවා ඇතැයි පොලිසිය කියයි. පොලිස් ස්ථානාධිපති ජනක කුමාර හා කාන්තා පොලිස් පරීක්ෂක එම්.එච්. චාන්දනී මහත්මිය පරීක්ෂණ පවත්වති.

