තිස්ස බලන්න මහින්ද වැලිකඩ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) වැලිකඩ බන්ධනාගාරයට  ගොස් තිස්ස අත්තනායක මහතාගේ සුව දුක් විමසීය.

දෙමළ ජාතික සන්ධානය , එක්සත් ජාතික පක්ෂය හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් පසුගිය ජනපතිවරණ සමයේ අත්සන් කළැයි කියන සිද්ධියේ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් කරනු ලැබ සිටී.

මැතිවරණ සමයේ එජාප මහ ලේකම් තනතුරින් ඉවත් වු ඔහු ගිය රජයට එක්වී සෞඛ්‍ය ඇමැතිවරයා විය.