තිස්ස බලන්න මහින්ද වැලිකඩ යයි


රිමාන්ඩ් බන්ධනාගාර ගත කර  සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

අත්තනායක මහතා හමුවීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ හිටපු ජනාධිපති පැවසුවේ ඉස්සර යුද්දේ කාලේ මිනිස්සු හරියට නිදා ගත්තේ නැහැ. කොයි වෙලාවේ කොටි ගහයිද දන්නේ නැහැ කියලා. දැන් මිනිස්සු හරියට නිදාගන්නේ නැහැ කොයි වෙලාවේ එෆ්සීඅයිඩියට, සීඅයිඩීය ගෙදරට පනීද  කියලා. මේ ආණ්ඩුව කරන එකම වැඩේ පළිගැනීම විතරයි. 

RDS_2201 RDS_2159