තිස්ස දරුවෝ අපායෙන් චුත වෙති


 තිස්සමහාරාම බෝගහපෑලැස්ස ළමා නිවාසයේ දරුවෝ ජාතික ළමා ආරක‍්ෂක අධිකාරියේ යටතට පවරාගෙන කොළඔටරැගෙන එනු ලැබුහ.

මෙම අසරණ වු දරුවන් ළමා නිවාස ගාල් නොකර හොද පුරවැසියන් පිරිසක් කිරිමට කටයුතු කරන ලෙසත් මෙම දරුවන් සදහා නව නිවාස දෙකක් රජයෙන් ලබා  දෙන බවත් මෙම දරුවන් ගේ රැකවරණය  නිසි අයුරින් සළසාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා තමාට  උපදෙස් දුන් බවත්ජාතික ළමා ආරක‍්ෂ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය කීවාය.

බ්‍රහස්පතින්දා රාත්‍රි9 ට පමණ මෙම දරුවන් ජාතික ළමා ආරක‍්ෂක  අධීකාරිය මේ දරුවන් රැගෙන        යද්දී  දැඩි උනුසුමිකාරී තත්වයක්  ඇති විය.

මෙම දරුවන් ළමා නිවාසයක මෙන් පාලනය නොකර  ගෙදරක පරිසරය දැනෙන පරිදි හොදින් රැක ගැණිම පිණිස කටයුතු කරන ලෙසජනාධිපතිවරයා උපදෙස් දුන් බව දිසානායක මහත්මිය කීවාය. මෙම දරුවන් අතර බොහෝ  පිරිසකට  මව්පියන් සිටින බවත් රජයෙන් මාසයකට රුපියල් පහළොස් දහක් පමණ වැටුප් ලබන හම්බන්තොට නගර සේවිකාවක සිටින බවත් ළමා ආරක‍ෂ නිළධරයෝ කීහ.