තිස්ස කුට්ටිආරච්චිගෙන් බඩ පිනුමක්


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.

ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.