තිස්ස කුට්ටිආරච්චි අලියා පිටින් බුලත් කොළයට පනී


ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ සන්ධානයට එක් විය.

ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි.

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ නිසා තමා මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දැක්වීමට තීරණය කළ බව ආණ්ඩුවට එකතුවූ තිස්ස කුට්ටිආරච්චි මහතා ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුද මාධ්‍ය සාකච්ඡාවට එක්වූහ.

කුට්ටිආරච්චි මහතා හා සම්බන්ධ පුවත්

 ඌව ප්‍රතිඵලයක් කළින්ම එයි

ඌව එජාප අපේක්ෂක  රිමාන්ඩ්

01(53)