තිස්ස අත්තනායකට නඩු


කූඨ ලේඛන සැකසීම යටතේ  හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව නීතිපතිවරයා අද (9) කොළඹ මහාධිකරණයේ  අධි චෝදනා ගොනු කළේය.

2014 දෙසැම්බර් මාසයේ දී එකල පොදු අපේක්ෂකයාවූ මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනපතිගේ හා එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදූ ලේඛන මාධ්‍යයට පෙන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.