කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (5) නියෝග කළාය.
ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කැරුණු අතර ලබන මාර්තු 20 වැනිදා සිට නඩුව දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණය තීන්දු කළේය.
(ජායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ)