පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛනයක් ප්‍රසිද්ධ කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
මෝසමක් මගින් නඩුව කැඳවිණි.
අත්තනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය විශේෂ කරුණු ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.