එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවර කුණ්ඩසාලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේ පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයෙන් තම ආසනය ලත් පරාජයේ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි
ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත. වික්‍රමසිංහ මහතා එය පිළිගෙන නොමැති බව සිරිකොත ආරංචි කියයි.
තිස්ස අත්තනායක මහතා පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බැවින් කුණ්ඩසාලේ ආසනය ජයග්‍රහණය කිරීම ඉදිරියේදී අභියොගයක් නොවන බව ප්‍රකාශ කරන එම නිළධාරියා ඔහුගේ ඉල්ලා අස්වීම අවශ්‍ය නොවන බවද කියයි.