තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ පුරවැසියන්ගෙන් තිස් හතර  ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා  ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8)  පැවසීය.

රාජ්‍ය නිලධාරීන්  ගෙයින් ගෙට ගොස් ඒ පිරිස සැබෑවටම ආධාර ලැබිය යුතු අයද යන්න ගැන  සොයා බලාගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  අප්‍රේල් මාසයේදී ඔවුනට රජයේ සහනය ලබාදෙන බවද  ප්‍රකාශ කළේය.

ඔහු  මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.