තිසර - ස්ටේන් දෙදෙනා සංගාගේ පිල දිනවති


අයි. පී. එල්. තරගාවලියේ තෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් පූනේ වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 22 ක ජයක් ලබාගැනීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සමත්විය.

ලකුණු 19 කට කඩුලූ 3 ක් දවාගත් අමීත් මිශ්රා තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

තිසර පෙරේරා පන්දු 18 කට පමණක් මුහුන දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 30 රැස්කළ අතර ලකුණු 29 කට කඩුලූ 2 ක් දවාගැනීමට ද සමත්විය.

රාහුල් ශාර්මා යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවීයන විට කුමාර් සංගක්කාර ලබාසිටියේ ලකුණු 15 ක් පමණි.

18 වැනි  ඕවරයේදී එක් ලකුණකට කඩුලූ 3 ක් දවාගත් ඬේල් ස්ටේන් තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළේය.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 තළදී කඩුලූ 6 ක් දැවී ලකුණු 126
(අක්ෂත් රෙඞ්ඩි 27, පාර්තිව් පටේල් 19, කුමාර් සංගක්කාර 15, තිසර පෙරේරා 30, අශොක් ඩින්ඩා 29/2) 

පූනේ වොරියර්ස් පිල  ඕවර 18.5 ක් තුළදී සියලූදෙනා දැවී ලකුණු 104
(රොබින් උක්තාපා 24, මනීෂ් පාන්ඬේ 15, රොස් ටේලර් 19, අභිශේක් නායර් 19, ඬේල් ස්ටේන් 11/3, අමීත් මිශ්රා 19/3, තිසර පෙරේරා 20/2)

(**)