අයි. පී. එල්. තරගාවලියේ 59 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර අද (11 වැනිදා) පැවති තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිල පරදවා ලකුණු 30 ක පහසු ජයක් ලබාගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ පාර්තිව් පටේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.
කරන් ශර්මා (22) සමග ලකුණු 42 ක සම්බන්දතාවයක් ගොඩනැගූ පටේල් (61), තිසර පෙරේරා (32) සමගින්ද ලකුණු 48 ක සම්බන්දතාවයක් ගොඩනගමින් සන්රයිසර්ස් පිලේ ලකුණු ප‍්‍රමාණය 150 දක්වා ඉහළ දැමුවේය.
ලකුණු 22 කට පන්ජාබ් පිලේ කඩුලූ 4 ක් දවාගනිමින් ඩැරන් සැමී සන්රයිසර්ස් පිලේ ජය තහවුරු කළේය.
තිසර පෙරේරා පන්දු 19 කින් නොදැවී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි. ඕවර 4 ක් යැවූ ඔහු ලකුණු 19 කට කඩුල්ලක් දවාගත්තේය.
සන්රයිසර්ස් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර අද තරගයට සහභාගීවූයේ නැත.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 150
(පාර්තිව් පටේල් 61, ශිකාර් ධවාන් 15, කැමරන් වයිට් 10, කරන් ශර්මා 22, තිසර පෙරේරා නොදැවී 32, සන්දීප් ශර්මා 21/3)
කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 120
(ඇඩම් ගිල්කි‍්‍රස්ට් 26, ශෝන් මාර්ශ් 18, ලූක් පොමර්ස්බර්ච් නොදැවී 33, රාජ්ගෝපාල් සතිෂ් 25, ඩැරන් සැමී 22/4, ඬේල් ස්ටේන් 20/2)
(*)