ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික තිළිණ කන්ඩම්බි මහතාගේ පියා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුනිල් කණ්ඩම්බි මහතා අභ්‍රාවප්‍රාප්ත විය.
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ කන්ඩම්බි මහතා මාතර රාහුල විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
රාහුල විද්‍යාලයීය ආදි ශීෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ ක්‍රියාශීලී කමිටු සාමාජිකයකු වූ ඒ මහතා පාසලේ ක්‍රීඩා ක්ෂේත්‍රයට ද විශාල සේවයක් කළේය.
කන්ඩම්බි මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (14) සවස ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරීමට නියමිතය.

