ශ්රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රවීණ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ස්ථිර කර තිබේ. තිලාන් සහ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව අතර අද (06) පෙවරුවේ පැවැති සාකච්ඡවේදී තිලාන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් නොකරන බව දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකාවේදී මේ මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට නම් කළ පළමු සංචිතයේ තිලාන්ට ස්ථානය අහිමිවූ අතර මහේල ආබාධයකට ලක්වීමෙන් පසුව නැවතත් තිලාන් සංචිතයට කැදවීය. නමුත් 15 දෙනාගේ අවසන් සංචිතයට තිලාන් ඇතුළත් නොවීය.