ශ්‍රී ලංකා ප‍්‍රවීණ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තිලාන්, අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම නිලවශයෙන් දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අද (05) පස්වරුවේ ලිපියක් බාර දුන්නේය.
තිලාන් ටෙස්ට් තරග 81 කදී ශතක 14 ක් සහ අර්ධ ශතක 30 ක් සමගින් ලකුණු 5,462 ක් රැස්කර ඇති අතර ඔහුගේ ඉනිමක ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 48.76 කි. පිට දඟ පන්දුයවන තිලාන් ටෙස්ට් කඩුලූ 15 ක් ද දවාගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ තාක්‍ෂණයෙන් පිරිපුන් පිතිකරුවකු ලෙස පිළිගැනෙන තිලාන් එක්දින තරග 53 කදී ශතක දෙකක් සමගින් ලකුණු 1,244 ක් රැස්කර තිබේ.
කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 36 හැවිරිදි තිලාන් 2001 වසරේ අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබීය.
ශ්‍රී ලංකාවේදී මේ මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට නම් කළ පළමු සංචිතයේ තිලාන්ට ස්ථානය අහිමිවූ අතර මහේල ආබාධයකට ලක්වීමෙන් පසුව නැවතත් තිලාන් සංචිතයට කැදවීය. නමුත් ඊයේ (04) නම් කළ අවසන් සංචිතයට තිලාන් ඇතුළත් නොවීය.