තිලක් මාරපන ඉල්ලා අස්වේ?


නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.

අද පෙරවරු 10ට ඒ මහතා නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබේ.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මාරපන මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට කැබිනට් ඇමැතිවරු සහ සිවිල් සංවිධාන නායකයෝ විරෝධය පළ කළහ.

‘ඇවන්ගාඩ් අවි ගබඩාව පරීක්ෂා කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට‘ යැයි මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය. 

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් ද කැඳවා තිබිණි.