ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සදහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතාට 2013 නිලවරණයේදී තරග කිරීම සඳහා අනුමැතිය නොදීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇත.
සභාපති ධූරය සදහා නාමයෝජනා භාර දුන් සෙසු නිලධාරීන් වන වර්තමාන සභාපති උපාලි ධර්මදාස සහ බදුරලිය ක‍්‍රිකට් සමාජයේ සුමිත් ආර්. පෙරේරා යන මහත්වරුන්ට ද ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය හිමි නොවනු ඇති බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නම් කරන නිලධාරියකු සහභාපති ධූරයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ. ක‍්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු එහිදී නව සභාපතිවරයා ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද, අපේ‍්‍රල් මස 16 වැනිදා දක්වා කල්දැමීමට පසුගියදා තීරණය කළේය.