තිරු නඩේසන්ට ඇප : රට යන්නත් බෑ


නිරුපමා  රාජපක්ෂගේ  සැමියා වන තිරු කුමාර් නඩේසන්  රුපියල්  පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු  ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට  නියෝග කළ පුගොඩ  මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා  ඔහුගේ විදෙස් ගමන් බලපතුය තහනම් කළේය.

මල්වාන ගඟබඩ මාපිටිගම අක්කර  16 ක ඉඩමක් 2010 නොවැම්බර 25 වැනි දා රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට  මිලට  ගෙන ඇතත්  මුදල් ලැබුණු ආකාරය හෙළි කිරිමට  අපොසත් වී යැයි  නඩේසන්ට  එරෙහිව නඩු පවරන බව මුල්‍ය  අපරාධ විමර්ශන අංශය අධිකරණයට  දැන්වීය.

සේනාධිර අප්පුහාමිලාගේ සේනාධිර නම් දේශිය වෛද්‍යවරයකුගේ දියණියන් තිදෙනෙකුගෙන් ඔහු මෙම ඉඩම මිලට  ගෙන ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට  දැන්වීය.

නඩුව ලබන ජනවාරි  10 වැනි දා  දක්වා  කල් තැබිණි.


නිරුපමා රාජපක්ෂගේ  සැමියා  වන තිරුකුමාර් නඩේෂන්  මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් බවත් ඔහු පුගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය ඉදිරිපත්  කිරිමට නියමිත බවත්  එහි ප්‍රකාශකයෙක් කියයි.

0-02-06-121f6bed5b8239f69e0e1ba433aac84aa7e4efe2b4ecc8a11acc6d53dd6814c9_full 0-02-06-596f0937b0a94f7def834887cc2b1e8a02aa73c46ee5df33efe0963461ce54b8_full 0-02-06-eeecdd0a4c3a5ae3c9f0a613bb2a75fb3457cd23cc33aab9eb578e6106834e12_full

ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ

DSC_0476 DSC_0461

ජායාරූප ඉෂාන් සංජිව