තිරිහන් සායනය උසාවි අණින් පිරික්සයි


කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා ගත් නියෝගයක් අනුව මාලබේ කේ ඒ පෙරේරා මාවතේ තිරිහන් කිරීමේ සායනය අද (07) කොළඹ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක් විසින් දැඩි සෝදිසියකට ලක් කැරිණි.

හෝටල නලඟනක වන කැලණියේ කතක (42) පියයුරු කුඩා කැර ගැනීමට ගියේ මෙම සායනයටය.සායනයේ වෛද්‍යවරයාගෙන් දෙපැයක් පුරා තොරතුරු විමසා ප්‍රකාශයක් ලබා ගත් බවත් ඔහු කියා ඇත්තේ ඉතිරි සැත්කම් ගාස්තුව වන ලක්ෂ එකහමාර මගහැරීමට තමාට එරෙහිව මෙම පැමිණිල්ල කැර ඇති බවයි.

හිරි වැටීමෙන් පසු කරන මෙවැනි  සැත්කමි මීට පෙර කැර ඇති බවත් කැලණීයේ කත තම උපදෙස් අනුව ක්‍රියා කැර නැති බවත් වෛද්‍යවරයා පවසා ඇත.

ඔහුගේ ශල්‍යාගාරය  ලියාපදිංචි කළ බව දැක්වෙන ලියැවිලි ඉදිරිපත් නොවු බව එහි ගිය පොලීසිය කියයි.

2009 දක්වා රජයේ රෝහලක සේවය කැර ඇති මේ දොස්තරගේ සායනයේ තිබි රජයේ මුද්‍රා සහිත බෙහෙත් වර්ග දෙකක් සමඟ බෙහෙත් වර්ග දහයක් වැඩි දුර පරීක්ෂණ සදහා පොලිස් බාරයට ගෙන ඇත

පැය දෙකහමාරක් පමණ ඔහුගේ සායනය පිරික්සීමට වෛද්‍ය තාක්ෂණ සැපයුම් අංශයේ වෛද්‍ය සී එස් හතුරුසිංහද එක් විය.

pizap.com14153621601003 pizap.com14153621837394 pizap.com14153622449396 pizap.com14153622688967 pizap.com14153622912898 pizap.com14153623232169 pizap.com141536234769710