ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන කුවෙට් රාජ්‍ය බලා යාමට පැමිණි ශ්‍රී ලංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.
ඇය සතුව ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.
සැකකාරිය 1960 වර්ෂයේ උපන් කාන්තාවකි. නමුත් ඇය උපන් දිනය 1971 වශයෙන් වෙනස් කොට සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන ගුවන් ගතවීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ ඇති බව අනාවරණය වෙයි.
ඇය කුවෙට් රාජ්‍ය වෙත ගෘහ සේවය සඳහා යාමට වසර 11 කින් අඩු වයසක් යොදා මෙලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපතක් සකස් කරන්නට ඇතැයි සැක කෙරේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

