දේශීය තිරිඟු පිටි සමාගම් දෙකක් ජනවාරි 1 වැනිදා සිට තිරිඟු පිටි කිලෝවක් රුපියල් දෙකකින් වැඩි කර ඇතැයි වාර්තාවේ.
ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙන් 2%ක් පිටි අලෙවි නියෝජිතයන්ගෙන් පිටි සමාගම් අය කරන අතර එම නියෝජිතයන් පාරිභෝගිකයන්ගෙන්ද එම රුපියල් දෙකක මුදල අයකරන බව කියති.
වෙළඳපොළේ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපිල් අනූවක් ලෙස රජය යෝජනා කර ඇති මිල පාලනයට අනුව මෙතෙක් රුපියල් 87 ක්වූ තිරිඟු පිටි කිලෝව මිල වැඩිවීමත් සමග රුපියල් 89 ක් බවට පත්ව ඇත.
මෙම මිල වැඩිවීම තමන්ගේ බේකරි නිෂ්පාදනවලට දැඩි බලපෑමක් එල්ල කරතියි බේකරි හිමියෝ කියති.

![vlcsnap-2016-01-05-15h38m39s20[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h38m39s201.jpg)
![vlcsnap-2016-01-05-15h39m18s158[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m18s1582.jpg)
![vlcsnap-2016-01-05-15h39m28s254[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m28s2541.jpg)
![vlcsnap-2016-01-05-15h39m39s110[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m39s1101.jpg)
![vlcsnap-2016-01-05-15h39m48s197[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m48s1971.jpg)
