තිරිකුණාමලේ ආනන්ද මා හිමියෝ මහා නායක පදවිය ලබති


සිංහල ,පාලි සංස්කෘත භාෂා පිළිබඳ පඬ්වරයකු  හා පුරෝගාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ  නමක වන තිරිකුණාමලේ ආනන්ද (56) අමරපුර  ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ  මහා නා හිමියන ට අභිනව මහා නායක ධුරය පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීම ගිහි පැවිදි අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේදී  අද (04) සිදු කෙරිණි.

අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන් විසින් අක්තපත්‍රය පිළිගන්වනු ලැබු අතර විජිනි පත පිළිගන්වනු ලැබුවේ ආනන්ද මහ නාහිමියන්ගේ මෑණියන් වන වන එන්. එච්. ඩබ්ලිව් ඇලන්සිනා මහත්මිය විසිනි.

අමරපුර  ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ  මහා නායක වැලිගම ඥානරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස් වු පුරප්පාඩුව සඳහා  තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ට මෙම ධුරය හිමි විය.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පක්ෂ විපක්ෂයන්හි  මැති ඇමැතිවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.