මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ සංකල්පයට අනුව තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා වූ දේශීය වැඩපිළිවෙළ සකස්කිරීම ආරම්භ කිරීම සහ තිරසර යුගයක ප්‍රාර්ථනාව එළදැක්වීමේ ජාතික උත්සවය අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2030 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සැලසුම් කරන වැඩසටහන පිළිබද දළ සැලැස්ම මෙහිදී මෛත්‍රීපාල ජනපති විසින් තිරසර යුගයක් උපදේශක මණ්ඩලයේ කමිටු සමාජික මහාචාර්ය මොහාන් ගුණසිංහ මහතා වෙත පිරිනැමිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු, විදේශීය තානාපතිවරු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් මෙම ජාතික ප්‍රාර්ථනය එළිදැක්වීමට එක්වුහ.






