තියුණු සටනකින් පසු ඬේවිස් කුසලාන තරගයේ ජය පාකිස්තානයට


කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති ඬේවිස් කුසලාන 2 කාණ්ඩයේ ටෙනිස් තරගයේ අවසන් දිනය වූ අද (3 වැනිදා) පැවැති තියුණු සටනකින් අනතුරුව ශී‍්‍ර ලංකාව පරදවා තරග 3-2 ක ජයක් ලබාගැනීමට පාකිස්තානු කී‍්‍රඩකයෝ සමත් වූහ.

තුන්වැනි කේවල තරගයේදී අඛීල් ඛාන් පරදවා තරග වට 3-0 ක ජයක් ලබාගැනීමට හර්ෂණ ගොඩමාන්න සමත් වූ හෙයින් සමස්ත තරගය 2-2 ක් ලෙසින් සමවිය. මෙම තරගයේදී ගොඩමාන්න ලකුණු 6/4, 6/3 සහ 6/4 ක පහසු ජයක් ලබාගත්තේය.

කෙසේ වෙතත් අවසන් කේවල තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජ් පරදවා තරග වට 3-1 ක ජයක් ලබාගැනීමට සමත් වූ අසාම් කුරේෂි සමස්ත තරගයේ ජය පාකිස්තානු පිලට හිමිකර දුන්නේය.

අද පෙරවරුවේදී තරග ආරම්භ වීමට පෙර කේවල තරගයක් සහ යුගළ තරගයක් ජයගත් පාකිස්තානු කණ්ඩායම සමස්ත තරගයේදී 2-1 ක් ලෙසින් පෙරමුණේ පසුවිය. එහෙත් අද පැවති පළමු තරගය ජයගැනීමට ගොඩමාන්න සමත් වීමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ ගියේය.

අවසන් කේවල තරගයේදී දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙසින් ජයගැනීමට තංගරාජ් සමත් වූ නමුත් ලකුණු 6/3 ක් සහ 6/3 ක් වශයෙන් තුන්වැනි සහ සිවුවැනි වට ජයගත් කුරේෂි තරගයේ ජය පාකිස්තානු පිලට හිමිකර දෙමින් නවසීලන්තය සහ ලෙබනනය අතර තරගයේ ජයග‍්‍රාහකයන් හමුවීමේ අවස්ථාව උදාකර ගත්තේය.

ඡයාරූප : ශානුක අරවින්ද

හර්ෂණ ගොඩමාන්න...අඛීල් ඛාන් සමග පැවැති තරගයේදී

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තංගරාජාගෙන් අසාම් කුරෙෂිට පිරිනැමීමක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පර්සි අබෙසේකර ශී‍්‍ර ලංකා ටෙනිස් කණ්ඩායම දිරිගන්වමින්...