(සුමිත් පොතුපිටිය )
කලක පටන් පැවති ආරවුලක් ගනිමින් පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර නා ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිඅජිත් ප්‍රසන්න සිල්වා නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා ඊයේ(15) රාත්‍රී කළුතර කොහොලාන ප්‍රදේශයේ අත් පා වල කැපුම් තුවාල සහිතව වැටී සිට ඇති අතර, නා ගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.