ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවති 50 වැනි වාර්ෂික මහ කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.
තර්ස්ටන් විදුහලේ කණ්ඩායම් නායක රමිඳු කුමාරසිංහ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉසිපතන විදුහලට ආරාධනා කළ අතර ඉසිපතන විදුහල පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 256 ක් ලබාගැනීමට සමත්විය.
එහිදී දේශාන් ජයකුමාර් සහ කැලූම් බැස්ටියන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ. කැලූම් ලකුණු 61 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. දේශාන්ගේ ලකුණු 54 ට හතරේ පහර 9 ක් අන්තර්ගත විය.
පිළිතුරු දුන් තර්ස්ටන් විදුහලට පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක් පමණි. ඒ හේතුවෙන් ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා නැවත වාරයක් පන්දුවට පහරදීමට සිදුවිය. තරගය අවසන් වන විට දෙවැනි ඉනිම සඳහා ඔවුහු කඩුලූ 7 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියහ.
තර්ස්ටන් දෙවැනි ඉනිමේදී තිමිර ජයසිංහ හතරේ පහර 10 ක් ද සමගින් නොදැවී ලකුණු 62 ක් ලබා ගත්තේය. එහිදී ඉසිපතන විදුහල් කණ්ඩායමේ කැලූම් බැස්ටියන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 45 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.
ඉසිපතන විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 256
(දේශාන් ජයකුමාර් 54, මතීෂ රණවීර 37, කැලූම් බැස්ටියන් 61, ප‍්‍රමෝද් ගුණවර්ධන 68/4, රජිත් පෙරේරා 41/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 138
(කවිඳු කුලසේකර 34, රමිඳු කුමාරසිංහ 26, තිමිර ජයසිංහ 22, කැලූම් බැස්ටියන් 45/4, චමීර දිසානායක 18/3, මලින් ඩයස් 37/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 220 (මින්හාජ් ජලීල් 28, තරිඳු සිල්වා 29, කවිඳු කුලසේකර 18, චලන නානායක්කාර 39, තිමිර ජයසිංහ නොදැවී 62, චමීර දිසානායක 57/2, මලින් ඩයස් 40/2)