මඩකලපුව ඔට්ටමාවඩියේ සිට මාවනැල්ල උයන්වත්තට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කටුගස්තොට පොලිසිය අසලදී පෙරළී තිදෙනකු මිය ගොස් එක් අයකු දිවි බේරාගත් බව පොලිසිය කියයි. ඔවුන් මහනුවර නෑ ගෙදරකටද පැමිණෙමින් සිටි එකම පවුලේ සාමාජිකයන් බවත් කටුගස්තොට පොලිසිය කියයි.




