පවුලේ ප්‍රශ්නයකට කොළඹ කොටුවේ මගී පාලමේ එල්ලී දිවි නසා ගන්නට තැත්කළැයි කියන තිදරු මවක ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
එම කතගේ ආරක්ෂාවට සහ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇය රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත් පැවසීය.
දූවරුන් තිදෙනා තම සැමියා විසින් අපහරණයට ලක්වීම වැළැක්වීමට බලධරයන් පියවර නොගත්තැයි ඇය පොලිසියට කියා ඇත.

