තිදරු පියා අනවසර විදුලි රැහැනට බිලි


(ප්‍රියාණි මංගලිකා )

දිගන්නෑව ,හුදලියාව ප්‍රදේශයේ   අන්සතු කොමඩු  ගොවිපලකට  ඇතුලු  පුද්ගලයෙකු  ,එහි ඇද තිබූ   අනවසර  විදුලිය රැහැනක පැටලී   අද(15 ) පස්වරුවේ  මියගොස්  ඇති බව  කොටවෙහෙර පොලීසිය පවසයි .

මෙසේ  මියගොස්  ඇත්තේ  කැලේගම  ග්‍රාම නිලධාරී වසමේ පදිංචි  හැටහතර  වියැති  ,ඩබ්.ඩබ්.කරුණාදාස  නැමති තිදරු පියෙකු බවද  පොලීසිය  පවසයි.

තම කුඹුරට   ගොස්  ආපසු එම්න්  සිටියේදී  අතරමග පිහිටි  මෙම කොමඩු වගා බිමට  ඇතුලු වී  ඇති බවද , එම අවස්ථාවේ එහි  දමා තිබූ අනවසර විදුලිය රැහැනක පැටලීමෙන් මරණය සිදු වන්නට  ඇතැයි  පොලීසිය  සැක කරයි.