තැබෑරුම නිසා කොල්ලන් නිකම් ගුටි කනවාලු


තැබෑරුමක් නිසා ප්‍රදේශයේ තරුණයින් පොලිසියේ ඉවක් බවක් නැතිව පහරදීම්වලට ගොදුරුවන බව පවසමින් තැබෑරුම වසා දමන්න ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු බලන්ගොඩ රාස්සගල මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.

එසේ පහර කෑ තරුණයකු දින හයක් රෝහල්ගත කර සිටි බවද උද්ඝෝෂකයෝ පැවසූහ.

තැබෑරුමට පැමිණෙන අය පළවා හැරීම ගැටළුවක් නැතත් නගරයට පැමිණෙන අනෙක් අයට පහරදී පලවා හැරීම වැරදි බව විරෝධතාකරුවෝ පවසති.

SAM_1872

SAM_1875