තැපැල් වර්ජනය අවසන්


(අංජුල මහික වීරරත්න)

තැපැල් වර්ජනය අවසන් කිරීම සඳහා වෘත්තීය  සමිති එකඟතාවය පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.

ඇඟිලි සටහන් යන්ත්‍ර සවිකිරීමේ යෝජනාවට වෘත්තීය සංගම් එකඟතාවය පළ කළ බවත් පවතින අතිකාල දීමනා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට තීරණය කෙරුණු බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.