බිඟුන් මේනක ගමගේ
ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
කඳු මුදුනේ තිබෙන යුද හමුදා සුබසාධක වෙළෙඳසැලෙන් සැමරුම් පත් හා මුද්දර මිලදී ගත හැකි බවත් දෙස් විදෙස් සංචාරකයන්ට මතක සැමරුම් තැපැල්පතක් යොමු කිරීමට එමගින් අවස්ථාව උදා වන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
දෛනිකව නුවර එළිය තැපැල් කාර්යාවලයට පැමිණෙන යුද හමුදා වෑන් රථයකින් අදාළ සැමරුම් පත් යොමු කිරීම සිදුකරන බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
තැපැල් පෙට්ටිය පිදුරුතලාගල මුදුනටත් යයි
Recommended Articles