තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 134 ක්


(විනීතා එම් ගමගේ)

තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ හා මාණ්ඩලික ශ්‍රේණීයේ නිලධාරි තනතුරු 232 න් 134 ක්ම පුරප්පාඩු යැයි ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය කියයි.

මේ තත්ත්වය යටතේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යාම පවා ප‍්‍රශ්නයක් බවට පත්ව ඇතැයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් පී. සී. සී. පෙරේරා මහතා පවසයි. 

නව සේවා ව්‍යවස්ථාව අනුව පුරප්පාඩු පුරවා නොමැති වීම හා උසස් වීම් නොදීම මෙම තත්ත්වය ඇති වීමට හේතු වී ඇතැයි ද මේ නිසා බොහෝ නිලධාරීන්ට හිමි උසස් වීම් නොලබා විශ‍්‍රාම යෑමට සිදුව ඇතැයි ද ලේකම්වරයා කියයි.