කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගීන් බස්වා පැයකට වැඩි කාලයක් දුම්රිය පරීක්ෂා කළේය.
එහෙත් කිසිවක් සොයාගැනීමට නොහැකි විය.
ඉන්පසු දුම්රිය මරදාන දුම්රිය අංගනයට රැගෙන ගොස් සෝදිසි කිරීමක් සිදු කළේය.
ජායාරූප - ගයාන් අමරසේකර












