තැපැල් ඡන්දෙට දින තුනක්


තැපැල් ඡන්ද දායකයින් 541432 දෙනෙක්  අඟහරුවාදා,බදාදා සහ සිකුරාදා (23,24,26) රාජ්‍ය ආයතනවලදී ඡන්දය දිමට නියමිතව සිටිති.

සිකුරාදා ඡන්දය පැවැත්වෙනුයේ  පොලීසිය වෙනුවෙනි.ඡන්ද නීරීක්ෂණය සදහා  දේශිය නීරීක්ෂකයින් 2510 දෙනකු යොදවා ඇතැයි පරීක්ෂණ ආයතන පවසයි.

ඒ සඳහා ෆැෆරල්,සී.එම්.ඊ.වී හා කැෆේ සංවිධානවලට අවසර දී ඇතැයි  කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.