නිවාඩු දිනයන්හී දී දීමනා ලබා නොදෙන්නේ යැයි පවසමින් තැපැල් සේවකයන් අද (18) සිට අකුරට වැඩ කිරිම නිසා ගොඩ ගැසුණූ ලිපි හා පාර්සල් තොගය බැලීමට තැපැල් ඇමැති ඒ.එල්.එම්. හලීම් මහතා අද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ගියේය.
එක් දිනකට පමණක් ලිපි එක්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබේ. සේවකයින් 200 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බවත් නිවාඩු දින වලට ද අතීකාල දීමනා ගෙවන්නේ නම් මෙසේ ගොඩගැසුණු ලිපි හා පාර්සල් ඉතා ඉක්මණින් බේදාහැරීමට හැකි බවත් සේවකයෝ අමාත්‍යවරයාට පැවසීය.




