තැනින් තැනට අද දවසෙත් වැසි


බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

වයඹ පළාතේත් වැසි වාර කීපයක් ඇති වේ. 

සබරගමුව පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50 ඉක්මවූ තරමක වැසි ඇති විය හැකියි. 

ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු - මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකවලත විටින විට තරමක තද සුළං ඇතිවන බව කාලගුන විද්‍යා දෙපාර්මේනතුව දැනුම් දෙයි.