තැනින් තැනට අද තද වැසි


දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ  ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවේ.    

පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා ද මාතර සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ද වෙරළට ඔබ්බෙන්  වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.