යකඩ ගැහැණිය හෙවත් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිණි මාග්‍රට් තැචර් මහත්මියගේ අවමංගල්‍යය කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය පවුම් ලක්ෂ හැටක (රුපියල් ලක්ෂ 11520) මුදලක් වෙන් කැර ඇති බව බ්‍රිතාන්‍ය රජය කියයි.
බ්‍රිතාන්‍ය මහ රැජින සහ පිලිප් කුමරු මෙම අවමංගල්‍යයට සහභාගී වීමට නියමිතය.
යුද, නාවික හා ගුවන් හමුදාවේ 755ක පමණ භට පිරිසක් හමුදා ගෞරවාචාර මැද පෙලපාලියට සම්බන්ධ කර ඇති අතර සුදු අශ්වයන් හයක් බැඳි කාලතුවක්කු ගැලක තැන්පත් කරන තැචර් දේහය වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ සිට ශාන්ත පෝල් දේවස්ථානයට රැගෙන යාමට නියමිතය.