
(අංජුල මහික වීරරත්න)
දිගු කාලයක් තිස්සේ පවුල් බලය මෙන්ම ඥාති පරපුරේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවලමක් ලෙස ගොඩනැගී තිබූ තරුණ ව්‍යාපාර රටේ අනාගත නියමුවන් බිහි කරන තැන බවට පත් පත් වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික තරුණ සමුළුව අමතමින් අද පැවසීය.
'ඉතින් ඔවුන් කලබල වීම පුදුමයක් නොවේ" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.
"අද පවත්වන්නේ වැඩියෙන්ම ආන්දෝලනයට ලක් වූ තරුණ සමුළුව ලෙස හැඳින්විය හැකියි.බොහෝ විට අප රටේ බොහෝ ක්ෂේත්‍ර යම් දේශපාලන අධිකාරියක බල උවමනාවන් වෙනුවෙන් පෙළගස්වා තිබෙනවා.කිසිසේත් දක්ෂතා හැකියා සහ අපේක්ෂා කේන්ද්‍රගත කර ඉදිරියට පැමිණීම සඳහා අවස්ථාවක් එම තරුණ ව්‍යාපාර වල තිබුණේ නැහැ.පැරණි දේශපාලන නායකයන්ගේ දූවරුන්ට පුතුන්ට ඥාතීන්ට ඒ තරුණ ව්‍යාපාර වල ප්‍රමුඛත්වය ලැබුණා.ඒ නිසා තරුණ ව්‍යාපාර සැලකිය යුතු අන්දමින් ඒ බලාධිකාරීන්ගේ උවමනා සමග පෙළ ගස්වා තිබුණා. දිගු කාලයක් තිස්සේ පවුල් බලය මෙන්ම ඥාති පරපුරේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවලමක් ලෙස තරුණ ව්‍යාපාර ගොඩනැගී තිබුණා.
රටේ ඇති වූ නව දේශපාලන පරිවර්තනය සමඟ තරුණ ව්‍යාපාර දේශපාලන අත කොළුවක් නොවී තරුණයන් රටේ අනාගතයේ බාර ගන්නා නියමුවන් බවට පත් කරන ව්‍යාපාරයක් බවට පත් කිරීම මේ තරුණ සමුළුවෙන් සහ මේ දක්වා පැමිණි ගමන් මාර්ගයෙන් සනිටුහන් වෙනවා. ඉතින් ඔවුන් කලබල වීම පුදුමයක් නොවේ.අපගේ අරමුණ තරුණ තරුණියන්ට ඔවුන්ට හිමි තැන සහ ඔවුන්ගේ අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතු ද යන වගකීම් සහගත තරුණ නායකත්වයන් බිහිකිරීමයි.කිසිසේත්ම පවුල් පරම්පරා ඥාතීන්ගේ බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස තරුණයන් පාවිච්චි කිරීම අප අරමුණ නොවේ" යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී කීය.




