තායිලන්තයෙන් රාජකීය පිරිසක් පැමිණෙති


(ටී.කේ.ජී.කපිල)

තායිලන්තයේ සංඝරාජ සොම්දත් යනසම්වරා (Somdet Yanasamvara - Supreme Patriarch of Thai Sanga) මාහිමිපාණන් වහන්සේගේ 96 වැනි උපන් දිනය සමරමින් , බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා රැගත් , 98 දෙනෙක්ගෙන් සමන්විත රාජකීය බෞද්ධ දූත පිරිසක අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

තායිලන්තයේ බැංකොක් නුවර බෞද්ධ පිරිසකගේ දායකත්වයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති , බුරුමයේ " ස්වේදගොං " චෛත්‍යයේ අනුරූ චෛත්‍යය වන සියම් ශ්‍රී ලංකා වචිර සුවන්නපුම් ( Siyam Sri Lanka Vachira Suwannaphum ) චෛත්‍යය විවෘත කිරීමේ උත්සවය හෙට (15) දිනට යෙදී ඇති අතර , එම උත්සවයට සහභාගී වීමට මෙම බෞද්ධ දූත පිරිස පැමිණ තිබුණි .

ඊට අමතරව කූරගල රජ මහා විහාරස්ථානයේ තැන්පත් කිරීම සදහා මෙසේ රැගෙන ආ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා වඩමවා ගෙන පැමිණියට .