තායිලන්ත සතුන් තායිලන්තටම


 සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව  තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ කුරුල්ලන් 10 ක්, පාට පාට පරවියන් 04 ක් ,  අළු සහ දුඹුරු පැහැ මීයන් 04 ක්   ආපසු  එම රටටම හරවා යැවීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා  අද නියෝග  කළේය.

ගලෙන් බිදුනු වැව ප්‍රදේශයේ  පදිංචි තිස් හත් වියැති පුද්ගලයෙකු තායිලන්තයේ සිට ගුවනින් මෙම සතුන් මෙරටට ගෙනවිත් ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ පක්ෂීන් කුමන වර්ගයකට අයත් දැයි හදුනාගත නොහැකි බවයි.

සැකකරු අද තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණ ඇත.

ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී පෙට්ටවල බහා සිටි මෙම සතුන් සොයා ගෙන ඇති අතර පසුව සැකකරු සමග රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙවන්  ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.