දෙදින නිල චාරිකාවක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත‍්‍රා මහත්මය අද සවස දිවයිනෙන් සමු ගත්තාය.
ඇය ඊයේ උදෑසන දිවියනට පැමිණි අතර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශවික ආරක්ෂක සහ සමුද්‍රාක්ෂණ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශවය ගිවිස ගත්හ.
ද්විපාර්ශවීය සාකච්ඡා වලින් අනතුරුව ආගමන, සංචාරක, විද්‍යා හා තාක්ෂණික සහයෝගීතාවට සහ වාණිජ හා බැංකු ක්ෂෙත‍්‍ර වලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයක් දෙරට අතර අත්සන් තැබිණ.
පසුව පාර්ලිමේන්තුවද ඇමතූ ඇය මහනුවර බලාගොස් අති පූජ්ය මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක්කාය.
ශ‍්‍රී ලංකාවේ උපසම්පදාව පිහිටුවීම නිමිත්තෙන් පැවැත්වෙන පිංකමටද අග‍්‍රාමාත්‍ය තුමිය සහභාගි වූ අතර ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේද වන්දනා මාන කළාය.
තායි අග‍්‍රාමාතයවරිය දිවයිනෙන් සමුගන්නා අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී නිරූපමා රාජපක්ෂ, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප‍්‍රසන්න වික‍්‍රමසූරිය යන මහත්වරුන් එක්වූහ.