අවුරුදු දහයක කාලයක් තායිලන්ත මුහුදේ බෝට්ටුවල හා නැව්වල සිර වී සේවය කරමින් සිටි හබරණ තරුණයෙක් සිය දිවි බේරා ගෙන මෙරටට පැමිණ සිටි.
ඔහු හබරණ හිරිවඩුන්නේ ප්‍රියන්ත ලාල් හේරත් (37) ඔහුය.විවාහකයකු වන ඔහු 2004 වසරේදී මීගමුව ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකට රුපියල් ලක්ෂ තුනහමාරක් වියදමින් තායිලන්තයේ සැමන් කර්මාන්ත ශාලාවක සේවයට යවන බව පවසා පිටත් කර හැර ඇත.
එහි ගිය පසු ඔහුට හිමිව ඇත්තේ බහු දින යාත්‍රාවල මසුන් මැරිමේ රැකියාවයි.
මාස හයක පමණ මුහුදේ සිටි ඔහු නැවත එම සමාගමටම අයත් තායිලන්තයේ අයිස් කර්මාන්ත ශාලාවකට සේවයට යොදවා තිබේ.
එහිදී තමන් විදින දුක දැනුම් දී ලිපි දෙකක් සිය මවට එවා ඇත.
මවගෙන් පිළිතුරු ලිපිය ලැබීමත් සමඟ මෙම පුද්ගලයා අයිස් කර්මාන් ශාලාවෙන් මසුන් මැරීම සඳහා බෝට්ටුවට යොදවා ඇත.
වසර නවයක් මුහුදේ මසුන් මැරීමේ කටයුතු වල නිතර වී සිටියදී අඳුරු අත්දැකිම් රැසකට මුහුණ දුන් බව හෙතෙම කියයි.
විවිධ රටවල සියයකට වැඩි තරුණයක් පිරිසක් මුහුදේ මේ ආකාරයෙන් නැව් හා බෝට්ටුවල රඳවාගෙන සිටින බවත් ඔවුන් බේරී යාමට උත්සාහා කළද අත පය ලණු වලින් ගැට ගසා මුහුදට දමන බවත් තම බෝට්ටුවේ සිටි නේපාල හා බංගලාදේශ තරුණයන් තිදෙනකු වෙඩි තබා මුහුදට විසි කළ බවත් ඔහු කියයි.
කිසිදු වැටුපක් නොදි ආහාර පාන පමණක් දෙන බව හේ කියයි.
එසේ සේවය කරමින් සිටියදී තමන්ගේ සිරුර මතට අයිස් තොගයක් කඩා වැටී බරපතල තුවාල ලැබීමෙන් පසු එම ජාවාරම්කරුවන් තමන් තායිලන්තයේ වෙරළකට ගොස් දැමු පසු එරට පිරිසක් බැංකොක් නුවර රෝහලකට ඇතුළු කැර මාස ගණනාවක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයකු මෙම පුද්ගලයා පිළිබඳව බැංකොක් පොලීසියට දැනුම් දී එම පොලීසියේ සිර මැදිරියේ මාස 04 ක් රඳවා තිබීමෙන් පසු පසුගිය 14 වැනිදා නැවත ලංකාවට එවු බව ඔහු කියයි.
ඔහු ලංකාවට එන විට නිවස කඩා වැටී ගොසිනි . බිරිය ශාහ සේවය සඳහා විදේශ ගත වී ඇති බවත් සිය මව ඥාතී නිවසක සිට් බවත් කියයි.
වසර දහයක කාලයක් කිසිදු මුදලක් නොලැබීම නිසා ඔහුට ජීවත් වීමට නොහැකි වී යැයි පවසන ඔහු දැනට දැඩී රෝගී තත්වයකින් ද පසු වෙයි.

