තායිලන්තයේ ඔටුන්න හිමි කුමරිය වන පුරා විද්‍යාඥ මහා චක‍්‍රි සිරින් ද්‍රොං රජ කුමරිය සිව් දින නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණියාය.
තායි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන්යානයකින් දිවයිනට පැමිණි සිරින්ද්‍රෝන් කුමරිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පවිතා වන්නි ආරච්චි සහ විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් පිළිගනු ලැබූහ.
තායිලන්තය හා ශ‍්‍රී ලංකාව අතර පුරා විද්‍යාත්මක දැනුම හුවමාරුකර ගැනීම සංචාරයේ අරමුණ වේ.
දින හතරක් මෙරට රැදී සිටින කුමරිය එම කාලය තුළ ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා හමුවීමටද නියමිතය.
ථිට අමතරව අනුරාධපුර, පොලොන්නරුව යන ප‍්‍රදේශ වල පෞරාණිික ස්ථාන රැුසක් නැරඹීමටද කටයුතු යොදාගෙන ඇති අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතය.