ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර බෞද්ධ කටයුතු වර්ධනය කරමින් මෙරට බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සඳහා තාවකාලික භික්ෂූධුරය ලැබූ තායිලන්ත මෙහෙණින් වහන්සේලා අනූ පස් නමක් සහ සාමණේර හිමිවරු විසිපස් නමක් විශේෂ ගුවන්යානා දෙකකින් අද අලුයම දිවයිනට වැඩම කළාහ.
සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් විසින් දිවයිනට පැමිණි සාමනේර හිමිවරුන් සහ මෙහෙනින් වහන්සේලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබූහ.
මෙහෙණින් වහන්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ආගමික වතාවත්වල යෙදුනාහ.
මෙරට දින දෙකක් රැදී සිටිමින් මහනුවර දළදා මාලිගාව, අනුරාධපුර, පොලොන්නරුව සහ සීගිරිය යන ප‍්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියාව බලා වැඩම කිරීමට නියමිතය.

