කොළඹ කොල්ලුපිටියේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනකුට ,ශ්‍රී ලාංකිකයකුට හා කාන්තාවකට රුපියල් දසදහස බැගින් වු මුදල් ඇප ද ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් බැගින් ලබා ගෙන මුදා හරින්නැයි නියෝග කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වීසා නැති තායි කතක පිටුවහල් කරන්නැයි ද නියෝග කළේය.
හෝටලය පවත්වාගෙන ගිය පී රුහුණගේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
ඔහු ඔක්තෝබර 09 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතු යැයිද සඳහන් කළේය.

